AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් නිරීක්ෂණ රාජකාරීවල

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ සඳහා පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් අද (21) පෙරවරුවේ සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විදෙස් නියෝජිතයින් 116 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම නිරීක්ෂකයින් අතර, යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 78 දෙනෙක් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් 22 දෙනෙක් සිටිනවා.

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

2024 ජනාධිපතිවරණය අදාළ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?