ජාත්‍යන්තරය දිනූ ලාංකික කාය වර්ධන ශූරියක් දිවයිනට (ඡායාරූප)

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2023 ඔලිම්පියා ඇමේචර් ( Olimpia Amateur ) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට වයස අවුරුදු 35 බිකිනි අංශයෙන් තරග වැද; එහි තුන්වන ස්ථානයත්, එහි ලෝක ශූරතා තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති බෙන් වීඩර් නැචුරල්ස් ( Ben Weider Naturals ) තරගාවලියේ දී දෙවන ස්ථානයත් දිනාගත් දිල්රුක්ෂි ආරච්චිගේ ක්‍රීඩිකාව මෙරටට පැමිණ තිබෙනවා.

අද (08) උදෑසන මෙම ක්‍රීඩිකාව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙම ඔලිම්පියා ඇමේචර් කායවර්ධන තරගාවලිය ලෝකයේ රටවල් 70ක ක්‍රීඩිකාවන් 380 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවර දී පැවැත්වුණා.

ලෝක ශූරතා බෙන් වීඩර් නැචුරල්ස් තරගාවලිය ලෝකයේ රටවල් 110ක; ක්‍රීඩිකාවන් 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔලැන්ඩෝ නුවරදීයි පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ.

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අනුව ඔලිම්පියා ඇමේචර් කායවර්ධන ශූරතා තරගාවලිය ලෝකයේ අංක 01ට පත් වී තිබෙන අතර, මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන එකම ක්‍රීඩිකාව වන්නේ ද දිල්රුක්ෂි ආරච්චිගේ පමණක් වීම ද විශේෂත්වයක්.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොවුන් දෙදෙනා පිළිගැනීම සඳහා දිල්රුක්ෂි ආරච්චිගේ සොහොයුරු සොහොයුරියන්, මෙන් ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.

20240708 100051 scaled
20240708 101445 scaled
20240708 095417 scaled
20240708 095917 scaled
20240708 095536 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?