Empty Ad
AFC Banner
Empty Ad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පහරදීමේ වීඩියෝව පත්තු වෙද්දී පොලිසියෙන් ලැබුණු විශේෂ සැලකිල්ල හඬ පට සහිතව මෙන්න

මහජනතාවට පිහිටට ඉන්න ආයතනයක් තමයි පොලිසිය.
හැබැයි මහජනතාවට ආරක්ෂාවක් වගේම පිහිටක් මේ පොලිසිය මගින් වෙනවද..?
උතුම් පොලිස් නිලධාරීන් මේ දෙපාර්තමේන්තුවේ නම බබලවද්දි සම+හරක් නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැත වෙන සිද්ධි ගැන අපිට විටින් විට අහන්න දකින්න ලැබෙනවා.
යුනිෆෝම් එකක් අන්දවලා බලයක් ලබාදීලා තියෙන්නේ මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න නෙවෙයි කියන එක ඇතැම් නිලධාරීන්ට අමතකයි.
ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් යම් වරදක් සිදුකළොත් ඒ ගැන සිදුකරන පරීක්ෂණ නිසියාකාරව සිද්ධ වෙනවද..?
මේ ගැන ඇත්තටම මිනිස්සුන්ට විශ්වාසයක් තියන්න පුළුවන්ද..?
නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන එක හුගක් සිද්ධිවලින් කාටත් දකින්න පුළුවන්.
පොලිසිය ගැන අපි මේ විදිහට කතා කරන්න හිතුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් නිසා.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළාම ඔවුන් අපිට කිව්වේ මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂනයක් සිදුවෙමින් පවතිනවා කියලයි.
මේ සිදුවීම ගැන දැන ගන්න අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාව සම්බන්ධ කරගන්න පොලිස් මූලස්ථානයෙන් ඔහුගේ දුරකථන අංකය ඉල්ලා සිටියත් අවස්ථා දෙකකදීම ලබාදුන්නේ නෑ..
ඔවුන් කාර්යාල අංකයක් ලබාදෙමින් පැවසුවේ ඒ ඔස්සේ ඔහුව සම්බන්ධ කරගන්නා ලෙසයි.
නමුන් ඉන් පසුව අපි වෙනත් පළාතක් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ දුරකථන අංකයක් ඉන් පසුව ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේදී ඔවුන් කිසිදු විමසීමක් නොකරම එය ලබාදීමට පොලිස් මූලස්ථාන 011 2421111 ඔස්සේ කටයුතු කළා.
ඕනෑම ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දුරකථන අංකයක් ලබාදීමට කටයුතු කරද්දී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අංකය ලබාදීමට ඔවුන් මැලි වන්නේ ඇයි..?
මෙවැනි සිදුවීම්වලින් අපට පැහැදිලි වන්නේ නීතිය නිසි අයුරින් සිදුවේවිද කියන සැකයයි.
නැතිනම් කාගේ දැනුම්දීමකින් ඔහුගේ දුරකථන අංකය පවා ලබාදීම නවතා දැමීමට හේතුව කුමක්ද.?
වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තේ මෙහි ඇත්ත නැත්ත පිළිබඳව දැනගැනීමටයි.
නමුත් පොලිසිය විසින්ම ඔවුන්ව ආරක්ෂා කරනවාද යන සැකය සාමාන්‍ය ජනතාවට පවා ඇත් වන්නේ මෙලෙස එක් පුද්ගලයෙකුට එක නීතියකුත් තවත් පුද්ගලයෙකුට තවත් නීතියකුත් පොලිසිය තුලම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නොවේද..?

අප විසින් ඔහුව සම්බන්ධ කරගැනීමට පොලිස් මූලස්ථාන අංකයෙන් විමසීමක් කළ අයුරු සහ වෙනත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධ කරගැනීමට උත්සහ කිරීමේදී ලැබුණු ප්‍රතිචාරය පහතින්…

https://youtube.com/watch?v=nQyoALynwDA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?