Empty Ad
AFC Banner
AFC Banner

ජල සැපයුම ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ රැසක අඩාලව පැවති ජල සැපයුම ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය ඇණහිටීම හේතුවෙන් ඊයේ රාත්‍රී 09 පමණ සිට කොළඹ – කෝට්ටේ – කඩුවෙල – දෙහිවල ගල්කිස්ස යන මහ නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම මහරගම – බොරලැස්ගමුව – කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජල සැපයුම මුලුමනින්ම යථා තත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?