ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඇසුරුම් 17ක් තුළ මෙට්‍රික් ටොන් 2.6 ක් බරැති ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් මෙම ගුවන් යානයේ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ආධාර තොගය ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට අද (06) උදෑසන 10.25 ට ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.064 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
ආධාර තොගය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලීවියර් ප්‍රාස් ( Olivier Praz ) , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.





