AFC Banner
Empty Ad
Empty Ad

ජල නළයක් පුපුරා මාර්ගයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට

අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.

ඔහු 68 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් විසින් මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දෙසට දිවෙන මාර්ගයේ ජල නළ පීඩනය පරික්ෂා කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අදාළ පුද්ගලයා ජල නළය පුපුරායන අවස්ථාවේ දී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසු ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?