ජල නළයක් පුපුරා මාර්ගයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට

අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.

ඔහු 68 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් විසින් මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දෙසට දිවෙන මාර්ගයේ ජල නළ පීඩනය පරික්ෂා කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අදාළ පුද්ගලයා ජල නළය පුපුරායන අවස්ථාවේ දී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසු ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27