AFC Banner
AFC Banner
Empty Ad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් අද (12) දිනයේ විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව තත්පරයට ඝන අඩි 1200ක ජලධාරිතාවක් කලා ඔයට මුදාහැරෙවා.

මේ අතර උල්හිටිය – රත්කිඳ ජලාශයේ පිටවානේ සියලුම වාන් ගේට්ටු විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර සඳහන් කළා.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර, එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා මෙලෙස ජල පාලන දොරටු විවෘත කර තිබෙනවා.

මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ඒ තුළින් තත්පරයට ඝණ අඩි 1250ක ජල ධාරිකාවක් කලා ඔයට මුදාහැරෙන බවයි එම ජලාශය භාර වාරි ඉංජිනේරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?