ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් අද (12) දිනයේ විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව තත්පරයට ඝන අඩි 1200ක ජලධාරිතාවක් කලා ඔයට මුදාහැරෙවා.

මේ අතර උල්හිටිය – රත්කිඳ ජලාශයේ පිටවානේ සියලුම වාන් ගේට්ටු විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර සඳහන් කළා.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර, එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා මෙලෙස ජල පාලන දොරටු විවෘත කර තිබෙනවා.

මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ඒ තුළින් තත්පරයට ඝණ අඩි 1250ක ජල ධාරිකාවක් කලා ඔයට මුදාහැරෙන බවයි එම ජලාශය භාර වාරි ඉංජිනේරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14