Indian Premier League

ජලසම්පාදන රියදුරා අයිස් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 45කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ජල සම්පාදන මණ්ඩලයේ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් මග්ගොන ඉන්ධන පිරවුම්හල අසලදී කළුතර දෙසින් පැමිණි යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී යි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ජල සම්පාදන සේවකයා හැඳ සිටි යට ඇදුමේ සඟවාගෙන පැමිණි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් හමුවී ඇති අතර ජාවාරම සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු මග්ගොන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඔහු ජාතික ජලසම්පාන හා ජලාප්‍රවාහන මණ්ඩල මූලස්ථානයේ රියදුරෙක් ලෙස රාජකාරි කරන බවට හෙළිවී තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?