ජලසම්පාදන රියදුරා අයිස් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 45කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ජල සම්පාදන මණ්ඩලයේ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් මග්ගොන ඉන්ධන පිරවුම්හල අසලදී කළුතර දෙසින් පැමිණි යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී යි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ජල සම්පාදන සේවකයා හැඳ සිටි යට ඇදුමේ සඟවාගෙන පැමිණි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් හමුවී ඇති අතර ජාවාරම සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු මග්ගොන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

ඔහු ජාතික ජලසම්පාන හා ජලාප්‍රවාහන මණ්ඩල මූලස්ථානයේ රියදුරෙක් ලෙස රාජකාරි කරන බවට හෙළිවී තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14