ජ’පුර සරසවි සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් තිස්සමහාරාම – දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි ඊයේ (17) පැමිණෙමින් සිටින අතර වාරයේ මොවුන් වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගොස් ඇති බව සඳහන්.

එහිදී අදාළ සිසුවා මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල, දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?