AFC Banner
AFC Banner
Empty Ad

ජපුර සරසවිය අසල වෙළඳ සැලකින් මදන මෝදක ගුලි අත්අඩංගුවට

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ආසන්නයේ වෙළඳසලක් තුළ සඟවා තිබූ මදන මෝදක ගුලි තොගයක් සමග වෙළඳ සැලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ මෝදක ගුලි හාරසිය අසූවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම වෙළඳසැලින් මදන මෝදක ගුලි අලෙවි කරන බවට මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාර වෙළඳසැල් හිමියා එක් මදන මෝදක ගුලියක් රුපියල් 200 කින් අලෙවි කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?