ජපුර සරසවිය අසල වෙළඳ සැලකින් මදන මෝදක ගුලි අත්අඩංගුවට

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ආසන්නයේ වෙළඳසලක් තුළ සඟවා තිබූ මදන මෝදක ගුලි තොගයක් සමග වෙළඳ සැලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ මෝදක ගුලි හාරසිය අසූවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම වෙළඳසැලින් මදන මෝදක ගුලි අලෙවි කරන බවට මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාර වෙළඳසැල් හිමියා එක් මදන මෝදක ගුලියක් රුපියල් 200 කින් අලෙවි කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16