ජපානයේ මහ මැතිවරණය අද

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් පත්කර ගැනීම වෙනුවෙන් සිදුකෙරෙන ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (27) පැවැත් වෙනවා.

මෙම ඡන්ද විමසීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 465 දෙනෙකු තෝරාපත් කරගැනීම නියමිතයි.

ජපාන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 1300 දෙනෙක් ඉදිරිපත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන ෂිගෙරු ඉෂිබා අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වී දින තුනකට පසු එම තනතුරේ නිල වශයෙන් දිවුරුම් දීමට පෙර මෙම මහ මැතිවරණය කැඳවනු ලැබුවා.

ඒ, අනුව ජපානය පුරා පිහිටි මධ්‍යස්ථාන 45,000 කදී ජපාන වැසියන් අද ඡන්දය ප්‍රකාශ කරන අතර, ඒ සඳහා මිලියන 104 කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටිනවා.

මෙම ඡන්ද විමසීම, එරට වේලාවෙන් උදෑසන 7.00ට ආරම්භ වී රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙනවා.

මෙම ඡන්ද විමසීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 233 ඉක්ම වූ බහුතර බලයක් ලබාගන්නා කණ්ඩායමට ජපාන පාර්ලිමේන්තුවේ බලය ඉදිරි වසර 04 සඳහා හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?