ජපානයේ මහ මැතිවරණය අද

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් පත්කර ගැනීම වෙනුවෙන් සිදුකෙරෙන ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (27) පැවැත් වෙනවා.

මෙම ඡන්ද විමසීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 465 දෙනෙකු තෝරාපත් කරගැනීම නියමිතයි.

ජපාන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 1300 දෙනෙක් ඉදිරිපත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන ෂිගෙරු ඉෂිබා අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වී දින තුනකට පසු එම තනතුරේ නිල වශයෙන් දිවුරුම් දීමට පෙර මෙම මහ මැතිවරණය කැඳවනු ලැබුවා.

ඒ, අනුව ජපානය පුරා පිහිටි මධ්‍යස්ථාන 45,000 කදී ජපාන වැසියන් අද ඡන්දය ප්‍රකාශ කරන අතර, ඒ සඳහා මිලියන 104 කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටිනවා.

මෙම ඡන්ද විමසීම, එරට වේලාවෙන් උදෑසන 7.00ට ආරම්භ වී රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙනවා.

මෙම ඡන්ද විමසීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 233 ඉක්ම වූ බහුතර බලයක් ලබාගන්නා කණ්ඩායමට ජපාන පාර්ලිමේන්තුවේ බලය ඉදිරි වසර 04 සඳහා හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15