Empty Ad
AFC Banner
Empty Ad

ජපානයේ දී ලක්මව බැබළවූ ගයන්තිකා මව්බිමට (ඡායාරූප)

ජපානයේ 39 වන ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ‘ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, එහි මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ගයන්තිකා තුෂාරි අබේරත්න ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 179 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඇයව පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

රටවල් 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ ඔසාකා සහ නරීටා යන නගරවල පැවති ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ‘ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට ගයන්තිකාට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?