ජපානයෙන් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාගයක්

ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත වාහන සහ සෝදිසි උපකරණ කිහිපයක් භාරදී තිබෙනවා.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Takei Shunsuke මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක් භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මෙම වාහන ප්‍රදානය සිදුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?