ජපානයෙන් තවත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රීයේ මෙරටට පැමිණියා.

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, සහන නිලධාරීන් සහ ගලවා ගැනීමේ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින්, බිම් මට්ටමේ අත්‍යවශ්‍ය වෛද්‍ය සහයෝගයන් ලබා දීමටත්, සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමටත්, ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වූ ප්‍රදේශවලට සහාය වීමටත් නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

කණ්ඩායමේ ප්‍රධානී කිචිරෝ ඉවාසෙ මහතා ඇතුළු මෙම ජපාන නියෝජිත කණ්ඩායම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා සහ ඕෂනියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් නිල වශයෙන් පිළිගනු ලැබුණු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසෝමාටා අකීයෝ මහතා ද සහභාගී වුණා.

මේ අතර ශ්‍රි ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් මීට පෙරද 04 දෙනෙක්ගෙන් සමන්විත ජපාන ආපදා සහාන වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණි අතර ඒ අනුව මේ වන විට 31 දෙනෙක්ගෙන් යුත් ජපාන වෛද්‍ය කණ්ඩායමක් මෙරට මානූෂීය සහන සේවා කටයුතු වල නිරතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?