ජපානයෙන් තවත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රීයේ මෙරටට පැමිණියා.

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, සහන නිලධාරීන් සහ ගලවා ගැනීමේ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින්, බිම් මට්ටමේ අත්‍යවශ්‍ය වෛද්‍ය සහයෝගයන් ලබා දීමටත්, සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමටත්, ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වූ ප්‍රදේශවලට සහාය වීමටත් නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

කණ්ඩායමේ ප්‍රධානී කිචිරෝ ඉවාසෙ මහතා ඇතුළු මෙම ජපාන නියෝජිත කණ්ඩායම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා සහ ඕෂනියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් නිල වශයෙන් පිළිගනු ලැබුණු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසෝමාටා අකීයෝ මහතා ද සහභාගී වුණා.

මේ අතර ශ්‍රි ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් මීට පෙරද 04 දෙනෙක්ගෙන් සමන්විත ජපාන ආපදා සහාන වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණි අතර ඒ අනුව මේ වන විට 31 දෙනෙක්ගෙන් යුත් ජපාන වෛද්‍ය කණ්ඩායමක් මෙරට මානූෂීය සහන සේවා කටයුතු වල නිරතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55