නිරිතදිග ජපානයේ සමහර ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ කඳු කඩාවැටීම් සිදුව තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙහිදී එක් කාන්තාවක් මිය ගොස් තවත් හය දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. කියුෂු දූපතේ දකුණු කොටසේ ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්ත සඳහා හදිසි අනතුරු ඇඟවීමක් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිකුත්කර තිබෙනවා
ගංගා ඉවුරේ සහ කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට උපරිම අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී ඇති අතර ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්තවල 420,000 කට අධික ජනතාවක් මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දෙන බවයි පැවසෙන්නේ.අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මිලියන 1.7කට වැඩි ජනතාවකට පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබෙනවා




