ජන හා නිවාස සංගණනය 2024 අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07 දක්වා – ග්‍රාම නිලධාරිවරුන් 3,000ක පුරප්පාඩුවක්

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් නියෝග කර ඇති ජන හා නිවාස සංගණනය 2024 වසරේ අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අතුල සීවනආරච්චි අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ සඳහාවන නියමු ව්‍යාපෘති දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක කර අවසන් බවයි.

මෙවර සංගණන කටයුතු විද්‍යුත් තාක්ෂණික උපකාර උපයෝගී කරගනිමින් සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා, මෙහිදී කාර්යන් 04ක් එක් ග්‍රාම නිලධාරීවරයෙකුට කිරීමට සිදුවන බවයි පැවසුවේ.

එම කටයුත්ත එකවර සිදුකිරීම අපහසුතාවක් පවතින බැවින්, ඒ අනුව සහායකයෙක් අවශ්‍ය බවත් අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බවයි ඔහු පවසා සිටියේ.

මේ අතර රට තුළ ග්‍රාම නිලධාරිවරුන් 3,000ක පුරප්පාඩුවක් පවතින බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ හේතුවෙන් එක් නිලධාරිවරයෙකුට ග්‍රාම නිලධාරී වසම් දෙකක රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ.

2023 – 2024 වර්ෂවල ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට අදාළව ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?