ජන හා නිවාස සංගණනය 2024 අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07 දක්වා – ග්‍රාම නිලධාරිවරුන් 3,000ක පුරප්පාඩුවක්

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් නියෝග කර ඇති ජන හා නිවාස සංගණනය 2024 වසරේ අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අතුල සීවනආරච්චි අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ සඳහාවන නියමු ව්‍යාපෘති දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක කර අවසන් බවයි.

මෙවර සංගණන කටයුතු විද්‍යුත් තාක්ෂණික උපකාර උපයෝගී කරගනිමින් සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා, මෙහිදී කාර්යන් 04ක් එක් ග්‍රාම නිලධාරීවරයෙකුට කිරීමට සිදුවන බවයි පැවසුවේ.

එම කටයුත්ත එකවර සිදුකිරීම අපහසුතාවක් පවතින බැවින්, ඒ අනුව සහායකයෙක් අවශ්‍ය බවත් අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බවයි ඔහු පවසා සිටියේ.

මේ අතර රට තුළ ග්‍රාම නිලධාරිවරුන් 3,000ක පුරප්පාඩුවක් පවතින බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ හේතුවෙන් එක් නිලධාරිවරයෙකුට ග්‍රාම නිලධාරී වසම් දෙකක රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ.

2023 – 2024 වර්ෂවල ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට අදාළව ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39