ජන සංහාරයක් සිදු වූ බවට නොපිළිගන්නා අය කැනඩාවෙන් යළි ශ්‍රී ලංකාවට යන්න – පැට්‍රික් බ්‍රවුන්

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවෙන් පිටව යන ලෙසට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් පවසනවා.

එරට තුළ ද්‍රවිඩ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඇගයීමට ලක් කරමින් එම උත්සව අවස්ථාවට එක්ව නගරාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසලකා හරින බවයි.

පැට්‍රික් බ්‍රවුන් මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නක්;

ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, කිසිදු ලෙසකින් ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැහැ, කැනඩාවට ඔබව පිළිගන්නේ නැහැ. ආපසු කොළඹට යන්න” යනුවෙන්.

දෙමළ ජනයාට විඳ දරාගැනීමට සිදු වූ ප්‍රචණ්ඩත්වය සහ සංස්කෘතික තුරන්කිරීම පිළිබඳව තමන් පළමු වතාවට දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම සම්පූර්ණ කිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බවයි.

2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරා දමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම නගරාධිපති බ්‍රවුන් වැඩිදුරටත් කියාසිටියේ, ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදුන් බවයි.

විදේශීය ඇඟිලි ගැසීම් තිබුණ ද ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු පැවසුවා.

සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කරන ලදැයි පැවසෙන ජන සංහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් කැප කරන ලද දෙමළ ජන සංහාර ස්මාරකය මැයි 10 වන දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී විවෘත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
44
+1
70
+1
233
+1
21
+1
12
+1
15
+1
466
Subscribe
Notify of
31 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10