ජන සංහාරයක් සිදු වූ බවට නොපිළිගන්නා අය කැනඩාවෙන් යළි ශ්‍රී ලංකාවට යන්න – පැට්‍රික් බ්‍රවුන්

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවෙන් පිටව යන ලෙසට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් පවසනවා.

එරට තුළ ද්‍රවිඩ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඇගයීමට ලක් කරමින් එම උත්සව අවස්ථාවට එක්ව නගරාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසලකා හරින බවයි.

පැට්‍රික් බ්‍රවුන් මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නක්;

ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, කිසිදු ලෙසකින් ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැහැ, කැනඩාවට ඔබව පිළිගන්නේ නැහැ. ආපසු කොළඹට යන්න” යනුවෙන්.

දෙමළ ජනයාට විඳ දරාගැනීමට සිදු වූ ප්‍රචණ්ඩත්වය සහ සංස්කෘතික තුරන්කිරීම පිළිබඳව තමන් පළමු වතාවට දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම සම්පූර්ණ කිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බවයි.

2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරා දමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම නගරාධිපති බ්‍රවුන් වැඩිදුරටත් කියාසිටියේ, ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදුන් බවයි.

විදේශීය ඇඟිලි ගැසීම් තිබුණ ද ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු පැවසුවා.

සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කරන ලදැයි පැවසෙන ජන සංහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් කැප කරන ලද දෙමළ ජන සංහාර ස්මාරකය මැයි 10 වන දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී විවෘත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
44
+1
70
+1
233
+1
21
+1
12
+1
15
+1
466
Subscribe
Notify of
31 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?