ජනෙල් පියස්සෙන් බිමට වැටුණු හමුදා නිලධාරියෙකු මරුට

පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනේලයක ඉහළින් ඇති කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය, කුරනාගම පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 32 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය නිලධාරියා යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලයක ඉහලින් ඇති කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි සඳහන්.

ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ තවත් පිරිසක් ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් තුවාල ලද ලාන්ස් කෝප්‍රල්වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

මියගිය කෝප්‍රල්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?