ජනෙල් පියස්සෙන් බිමට වැටුණු හමුදා නිලධාරියෙකු මරුට

පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනේලයක ඉහළින් ඇති කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය, කුරනාගම පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 32 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය නිලධාරියා යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලයක ඉහලින් ඇති කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි සඳහන්.

ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ තවත් පිරිසක් ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් තුවාල ලද ලාන්ස් කෝප්‍රල්වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

මියගිය කෝප්‍රල්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40