ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් 33 දෙනෙක් හෙට එළියට

හෙට (30) දිනට යෙදෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙක් සඳහා ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර මෙලෙස ජනාධිපති සමාව හිමිවූ රැඳවියන් අතරින් සිරකරුවන් 33 දෙනෙකු හෙට (30) දිනයේ දී බන්ධනාගාරවලින් නිදහස් වීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted