ජනාධිපති තනතුරට නුසුදුස්සෙකු කරමින් ට්‍රම්ප්ට අධිකරණ නියෝගයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු බවට දන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයක් විසින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

එක්සත් ජනපදයේ කොලරාඩෝ අධිකරණය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආණ්ඩුවට එරෙහිව 2021 වසරේ ජනවාරියේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ ක්‍රියාකලාපය හේතුවෙන් ට්‍රම්ප්ට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තීන්දුවත් සමඟ ඔහුට මීළඟ ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වී යනවා.

2024 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් නාමයෝජනා සඳහා ඉදිරියෙන්ම සිටින තැනැත්තා බවට මේ වනවිට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව සිටිනවා.

කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34