spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති තනතුරට නුසුදුස්සෙකු කරමින් ට්‍රම්ප්ට අධිකරණ නියෝගයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු බවට දන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයක් විසින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

එක්සත් ජනපදයේ කොලරාඩෝ අධිකරණය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආණ්ඩුවට එරෙහිව 2021 වසරේ ජනවාරියේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ ක්‍රියාකලාපය හේතුවෙන් ට්‍රම්ප්ට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තීන්දුවත් සමඟ ඔහුට මීළඟ ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වී යනවා.

2024 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් නාමයෝජනා සඳහා ඉදිරියෙන්ම සිටින තැනැත්තා බවට මේ වනවිට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව සිටිනවා.

කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?