ජනාධිපති අපේක්ෂකයින් 30ක් වියදම් වාර්තා භාරදීලා – කාලය අද මධ්‍යම රැයෙන් අවසන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදීමට දී ඇති කාලය අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ, අනුව මේ වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඒ අනුව තවත් අපේක්ෂකයින් 08 දෙනෙකු එම වාර්තා භාරදිය යුතු වනවා.

අදාළ කාලය තුළ එම වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?