ජනවාරි 01වනදා සිට කාන්තාවන් හා ළමයින් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි
පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමයින්ට වඩාත් විශ්වාසනීය ලෙස අවශ්‍ය සේවාවන් ලබාදීම මෙහි අරමුණ වෙයි.මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතියි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි මෙය ක්‍රියාත්මක වෙයි
