spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරියේ සිට රියදුරන්ගේ ලකුණු කැපෙයි

ලබන වසරේ ජනවාරි මස සිට රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ සහ ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව රිය ධාවනයේ දී වැරදි සිදුකරන රියදුරන්ගේ වැරදි 32කට අදාළව රියදුරු බලපත්‍රය ලකුණු 24කට යටත්ව මෙම ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම ලකුණු 24 සීමාවට කිසියම් රියදුරෙකු ළඟා වූ පසු එම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අහෝසි කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණුවීම් මඟින් අලුත් රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි පවසා සිටියේ.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?