ජනවාරියේ සිට රියදුරන්ගේ ලකුණු කැපෙයි

ලබන වසරේ ජනවාරි මස සිට රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ සහ ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව රිය ධාවනයේ දී වැරදි සිදුකරන රියදුරන්ගේ වැරදි 32කට අදාළව රියදුරු බලපත්‍රය ලකුණු 24කට යටත්ව මෙම ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම ලකුණු 24 සීමාවට කිසියම් රියදුරෙකු ළඟා වූ පසු එම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අහෝසි කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණුවීම් මඟින් අලුත් රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි පවසා සිටියේ.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17