ජනප්‍රිය නිලි පියුමි බොතේජු රටටම ආදර්ශයක් ලබා දෙමින් තම උපන්දිනය සමරපු හැටි-ඡායාරූප සහිතයි

පුංචි තිරයේ බොහෝ දෙනෙක් ආදරය කරන බොහෝ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. පාසල් අධ්‍යාපනය ලබන කාලේම 2001 ලක්හඩ ITN අවුරුදු කුමාරි තරඟයෙන් කිරළු දරමින් ඇය කලා ලෝකෙට පිවිසිලා තියෙනවා. පියුමි හීන දැකලා තිබුනේ ගුවන් සේවිකාවක් වෙන්නලු. ඒ වෙනුවෙන් ඇය භාෂා කිහිපයක්ම ඉගෙනගෙනත් තියනවා. කොහොම හරි ඉතින් දෛවය ඇයව රංගන ශිල්පිනියක් කරලා තියනවා. පුංචි තිරයට එන්න කලින් ඇයට ලක්හඩ ගුවන් විදුලිය ඔස්සේ නිවේදනය පුහුණු වෙන්න අවස්ථාව ලැබිලා තියනවා. ඊට පස්සේ පියුමි යන්නේ ජාතික රුපවාහිනියට, එහිදී නිවේදනය වගේම වැඩසටහන් නිෂ්පාදනය ගැනත් හොඳ පුහුණුවක් ලබන්න වාසනාව ඇයට ලැබිලා තියනවා. ඔය අතරේ තමයි පියුමි රංගනයට එන්නේ. ඉතින් දැන් මේ වෙද්දී කවුරුත් හදුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වීමට ඇයට වාසනාව හිමි වෙලා තියනවා. කොහොම නමුත් ඇයගේ උපන්දිනය අද දිනයට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ රංගන ශිල්පිනිය හැමෝටම ආදර්ශයක් ලබා දෙමින් කිරි අම්මා දානයක් ලබා දීලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතුකරමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ. අපි හැමෝම මේ වෙනකොට මුහුන දීලා තියෙන තත්වය නිසා වෙනදා විදියට මගේ උපන්දිනය සමරන්න බැරි නිසාම මම පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජාවක් තිබ්බා. ඒ මගේ ආදරණීය තාත්තාට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායු පතමින් වගේම මගේ පවුලේ අයටත් නෑ හිත මිතුරන් ඇතුළු අපේ රටටත් සියලු ලෝක වාසීන්ටත් රෝ බිය දුරුවෙලා යහපතක්ම වේවා කියන චේතනාවෙන්. මේ පවතින කොවිඩ් වසන්ගතයෙන් රට සුවපත් වේවා! ලොවම සුවපත් වේවා! කියලයි මේ කළා ශිල්පිනිය ඒ විදිහට පවසලා තිබුනේ. ඉතින් මේ උපන්දිනය සමරන පියුමිට අපිත් සුබම සුබ උපන්දියක් කියලා ප්‍රර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?