ජනප්‍රිය සංගීත හා ගායන ශිල්පී සේනක බටගොඩ මහතා ගායනා කරනු ලැබු අතිශයින් ජනප්‍රිය ගීත 7 ක් වන ”අපි කවුරුද, අපි සැනසිල්ලේ (යන් , යන් යන්), අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියනවා, හොඳම දේ, සැනසුම” යන ගීත සම්බන්ධයෙන් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබෙනවා.
පසුගිය 16 වනදා දින නියෝගය ප්‍රකාශ කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි පැවසෙන්නේ.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විත්තියට එරෙහි වාරණ නියෝගය ඉවත් කරමින් අතුරු තහනම් ඉල්ලීම පිළිබඳ ව පැමිණිලිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
සේනක බටගොඩ මහතා සහ එතුමාගේ උරුමකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පීරිස් මහත්මිය සහ නීතිඥ චන්දන විජේසූරිය මහතා පෙනී සිටියා.
මෙම නඩුව යන අතරතුරදී සේනක බටගොඩ මහතා පසුගිය වසරේ (2024) නොවැම්බර් 11 වන දින දිවියෙන් සමුගැනීම හේතුවෙන් එතුමාගේ බිරිඳ වන මරීනා බටගොඩ මහත්මිය සහ දියණිය ගායන ශිල්පිනී සෙරීනා බටගොඩ ඔහුගේ උරුමකරුවන් ලෙස ආදේශිත විත්තිකරුවන් වී නඩුවට ඇතුළත් කෙරුණා.
කොළඹ වාණිජ මහාධිකරණයේ සේනක මහතාට එරෙහිව මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 5 ක බැඳුම්කරයකට යටත්ව මුල් අවස්ථාවේ දී වාරණ නියෝගයක් 2024/04/02 වන දින සිට ගරු අධිකරණය විසින් නිකුත් කළා.





