ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ ගැයූ ගීත 07කට දැමූ වාරණය ඉවතට

ජනප්‍රිය සංගීත හා ගායන ශිල්පී සේනක බටගොඩ මහතා ගායනා කරනු ලැබු අතිශයින් ජනප්‍රිය ගීත 7 ක් වන ”අපි කවුරුද, අපි සැනසිල්ලේ (යන් , යන් යන්), අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියනවා, හොඳම දේ, සැනසුම” යන ගීත සම්බන්ධයෙන් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබෙනවා.

පසුගිය 16 වනදා දින නියෝගය ප්‍රකාශ කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි පැවසෙන්නේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විත්තියට එරෙහි වාරණ නියෝගය ඉවත් කරමින් අතුරු තහනම් ඉල්ලීම පිළිබඳ ව පැමිණිලිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

සේනක බටගොඩ මහතා සහ එතුමාගේ උරුමකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පීරිස් මහත්මිය සහ නීතිඥ චන්දන විජේසූරිය මහතා පෙනී සිටියා.

මෙම නඩුව යන අතරතුරදී සේනක බටගොඩ මහතා පසුගිය වසරේ (2024) නොවැම්බර් 11 වන දින දිවියෙන් සමුගැනීම හේතුවෙන් එතුමාගේ බිරිඳ වන මරීනා බටගොඩ මහත්මිය සහ දියණිය ගායන ශිල්පිනී සෙරීනා බටගොඩ ඔහුගේ උරුමකරුවන් ලෙස ආදේශිත විත්තිකරුවන් වී නඩුවට ඇතුළත් කෙරුණා.

කොළඹ වාණිජ මහාධිකරණයේ සේනක මහතාට එරෙහිව මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 5 ක බැඳුම්කරයකට යටත්ව මුල් අවස්ථාවේ දී වාරණ නියෝගයක් 2024/04/02 වන දින සිට ගරු අධිකරණය විසින් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21