ජනප්‍රිය රැප් ගායක ‘කූලියෝ’ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස් නුවරදී ඔහු අභාවප්‍රාප්තවන විට 59 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

ඔහු සිය මිතුරෙකුගේ නිවසක නානකාමරයක මියගොස් සිටිය දී ඊයේ (බදාදා) හමුවූ බවයි කූලියෝගේ කළමනාකරු ජරාස් පවසන්නේ.

වෛද්‍යවරුන් සැක කරන්නේ කූලියෝ හෘදයාබාධයකට ලක්ව මෙලෙස නානකාමරය තුළ දී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි.

90 දශකයේ ජනප්‍රිය වූයේ 1995 දී නිකුත් වූ “ඩේන්ජරස් මයින්ඩ්ස්” චිත්‍රපටයේ “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” ගීතයෙන් කූලියෝ ප්‍රේක්ෂකයින් අතරට ජනප්‍රියත්වයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?