ජනප්‍රිය මලයාලම් චිත්‍රපට නිළියකගෙන් ප්‍රමුඛ පෙළේ තරු කිහිපයකට ලිංගික අතවර චෝදනා

ජනප්‍රිය මලයාලම් චිත්‍රපට නිළියක්වන මිනු මුනීර් විසින් ඉන්දීය නළුවෙක් සහ නිෂ්පාදකයෙක් වන ජයසූරියට සහ ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ පෙළේ තරුවක් වන එම්. මුකේෂ්ට ලිංගික අතවර චෝදනා එල්ල කර තිබෙනවා.

ෆේස්බුක් හි සටහනක් තබමින්න මිනු මුනීර් පවසා ඇත්තේ 2013 චිත්‍රපටයක රූගත කිරීම්වල දී ජයසූරිය, එම්. මුකේෂ් ඇතුළු තවත් නළුවන් දෙදෙනෙක් විසින් තමන්ව ශාරීරිකව හා වාචිකව අපයෝජනය කළ බවයි.

තමන් එම චිත්‍රපට රූගත කිරීම්වල දී සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ ද ඔවුන්ගේ අපයෝජනය දරාගත නොහැකි වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ හේතුවෙන් තමන්ට මලයාලම් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වී චෙන්නායි හි පදිංචියට යාමට සිදුවූ බව ඇය පවසා තිබෙනවා.

මේ අතර මුකේෂ් සහ ජයසූරිය හැරුණු විට මනියන්පිල්ලේ රාජු, ඉඩවේලා බාබු, අධිනීතිඥ චන්ද්‍රසේකරන්, නිෂ්පාදන පාලක නෝබල් සහ විචු තමා අපයෝජනය කළ බවට ජනප්‍රිය මලයාලම් නිළි මිනු මුනීර් චෝදනා කර සිටිනවා.

“මම දැන් විඳදරාගත් කම්පනය සහ දුක් වේදනා සඳහා යුක්තිය සහ වගවීම අපේක්ෂා කරමි. ඔවුන්ගේ නින්දිත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීමට මම ඔබේ සහාය ඉල්ලා සිටිමි” යනුවෙන් මුනීර් සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුනීර්ගේ ලිංගික අපයෝජනයන් පිළිබඳ මෙම හෙළිදරව් කිරීම සිදුකර ඇත්තේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ පුලුල්ව පැතිරී ඇති ලිංගික අපයෝජනයන් විනිශ්චයකාර හේමා කමිටු වාර්තාවෙන් සොයා ගැනීමෙන් පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?