ජනප්‍රිය මලයාලම් චිත්‍රපට නිළියකගෙන් ප්‍රමුඛ පෙළේ තරු කිහිපයකට ලිංගික අතවර චෝදනා

ජනප්‍රිය මලයාලම් චිත්‍රපට නිළියක්වන මිනු මුනීර් විසින් ඉන්දීය නළුවෙක් සහ නිෂ්පාදකයෙක් වන ජයසූරියට සහ ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ පෙළේ තරුවක් වන එම්. මුකේෂ්ට ලිංගික අතවර චෝදනා එල්ල කර තිබෙනවා.

ෆේස්බුක් හි සටහනක් තබමින්න මිනු මුනීර් පවසා ඇත්තේ 2013 චිත්‍රපටයක රූගත කිරීම්වල දී ජයසූරිය, එම්. මුකේෂ් ඇතුළු තවත් නළුවන් දෙදෙනෙක් විසින් තමන්ව ශාරීරිකව හා වාචිකව අපයෝජනය කළ බවයි.

තමන් එම චිත්‍රපට රූගත කිරීම්වල දී සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ ද ඔවුන්ගේ අපයෝජනය දරාගත නොහැකි වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ හේතුවෙන් තමන්ට මලයාලම් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වී චෙන්නායි හි පදිංචියට යාමට සිදුවූ බව ඇය පවසා තිබෙනවා.

මේ අතර මුකේෂ් සහ ජයසූරිය හැරුණු විට මනියන්පිල්ලේ රාජු, ඉඩවේලා බාබු, අධිනීතිඥ චන්ද්‍රසේකරන්, නිෂ්පාදන පාලක නෝබල් සහ විචු තමා අපයෝජනය කළ බවට ජනප්‍රිය මලයාලම් නිළි මිනු මුනීර් චෝදනා කර සිටිනවා.

“මම දැන් විඳදරාගත් කම්පනය සහ දුක් වේදනා සඳහා යුක්තිය සහ වගවීම අපේක්ෂා කරමි. ඔවුන්ගේ නින්දිත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීමට මම ඔබේ සහාය ඉල්ලා සිටිමි” යනුවෙන් මුනීර් සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුනීර්ගේ ලිංගික අපයෝජනයන් පිළිබඳ මෙම හෙළිදරව් කිරීම සිදුකර ඇත්තේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ පුලුල්ව පැතිරී ඇති ලිංගික අපයෝජනයන් විනිශ්චයකාර හේමා කමිටු වාර්තාවෙන් සොයා ගැනීමෙන් පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06