AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ඉන්දීය නළුවා වසර 15ක විවාහ දිවියට තිත තබයි

වසර 15ක විවාහ දිවියට තිත තබමින් ජනප්‍රිය ඉන්දීය නළු ජයම් රවී සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වනවා.

දමිළ නළු ජයම් රවී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ විවාහයෙන් වසර 15කට පසු තමා බිරිඳ ආරතිගෙන් වෙන්වන බවයි.

‘පෞද්ගලික හේතූන්’ නිසා මෙම දික්කසාදය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආරති, ජයම් රවීගේ සියලුම පින්තූර ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් මකා දැමීමෙන් පසු පසුගිය ජුනි මාසයේ දී යුවළගේ වෙන්වීම පිළිබඳ කටකතා මතු වුණා.

ඒ, අනුව යුවළගේ වෙන්වීම පිළිබඳ මාස ගණනාවක සිය විවිධ පුවත් පැතිර ගිය අතර, ඊයේ (08) දිනයේ දී ජයම් රවී ඒ බව තහවුරු කළා.

මෙම දික්කසාදය සම්බන්ධයෙන් උපකල්පන, කටකතා හෝ චෝදනා ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, එම කාරණය පෞද්ගලිකව තබා ගැනීමටත් ඉඩ හරින්න ලෙසත් ජයම් රවී සිය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
9
+1
5
+1
40
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?