ජනපති BRICS නොගියේ; ආරුගම්බේ ඇති වෙන හදිසි ආරක්ෂක තත්ත්වය දැනගත් නිසයි – විජිතගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ආරුගම්බේ සිද්ධිය පාදක කරගනිමින්; පසුගිය දිනෙක රට තුළ හදිසි ආරක්ෂක තත්ත්වයක් ඇති වූ බවත්; ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් බැහැර ව සිටියේ නම්; එම බුද්ධි තොරතුරු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය; කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසනවා.

අද (29) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාට මෙරට රුසියානු තානාපති විසින් පැමිණ එරට ජනාධිපති ව්ලොද්මීර් පුටින් සිදු කළ ‘ බ්‍රික්ස් සමුළු’ ඇරයුම ලැබුණ ද; එයට තමන් ඇතුළු දේශපාලන ප්‍රවාහය සහභාගී නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්දුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊට බලපෑ ප්‍රධානතම හේතූන් අතර පළමු වැන්න ඊශ්‍රායල සංචාරකයින්ට මෙරට තුළ එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් වන තොරතුරු සහ මැතිවරණ කාලසීමාව හේතු බව විජිත හේරත් මහතා සඳහන් කළා.

රට මුහුණදෙන හදිසි තත්ත්වයට මුහුණ දීමට රට තුළ ජනාධිපතිවරයා රැඳී සිටීම ම හේතුවක් වූ බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එබැවින් රුසියාවේ කසාන් නුවර දී පැවැත්වුණු බ්‍රික්ස් (BRICS) සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා, අගමැතිනිය හෝ කිසිවෙකු එක් නොවුණ ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට එක් වූ බවයි විජිත හේරත් මහතා දැනුම්දුන්නේ.

මේ අතර මෙම කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදු වන්නේ කවදා ද යන වගයි.

මෙය මැතිවරණ කාලසීමාවක් බවත්; මැතිවරණය අවසන් වී පාර්ලිමේන්තු කටයුතු ඇරඹීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරයුම ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබනු ඇති බවත් එය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් බවත්; ඒ සම්බන්ධයෙන් නිල දිනයක් මෙතෙක් ගෙන නොමැති බව ද විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?