ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් හමු වී සාකච්ඡා පැවැත්වා තිබෙනවා.

ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සිහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළා.

එම දායකත්වය හා උනන්දුව අනාගතයේ දී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50