ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේදීයි.

ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළා.

නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදි ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක් වුණු අතර මෙරට කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව සඳහන් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා රජයේ Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කෙරුවා.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?