ජනපති සමග පැවති සාකච්ඡා අසාර්ථකයි

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

බදු ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ විකල්ප යෝජනාවලට සාධනීය ප්‍රතිචාරයක් ලබානොදීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවයි වෘත්තීයවේදීන් සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයමක් ලබන පුද්ගලයෙකුගෙන් ජනවාරි මාසයේ සිට 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් හා ජනාධිපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත් වුණා.

ඊට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය, විදුලිය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40ක වෘත්තීයවේදීන් එක්ව සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිදහස කරුණු ලෙස පෙන්වා දෙමින් තම ගැටළුවලට විසදුම් ලබාදීමට රජයේ පාර්ශවය අපොහොසත් වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15