ජනපති රනිල් සහ ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් අතර හමුවක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදීයි මෙම හමුව සිදු වී ඇත්තේ.

මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගෙන තිබෙනවා.

සුහද කථා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?