ජනපති – මන්ත්‍රී සාකච්ඡා විසැඳුමක් නෑ

රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වූ බව වාර්තා වේ .

දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (12) දිනයේ පැවැත්වීමට ද එකගතා පළ වී ඇත. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර ,ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,,ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,අසංක නවරත්න,යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ

රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට පසුගිය සිකුරාදා (08)යවනු ලැබීය.

රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නට පෙර ,මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී ඊයේ (10)රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමඟද සාකච්ඡා කිරීමට එම මන්ත්‍රීවරුන් මෙහිදී තීරණය කර ඇත .

එම මන්ත්‍රීවරුන් හතළිස් එක්දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුව, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන ජනබලවේගඅතරය සාකච්ඡාවක් ද ,හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.

ඊට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූ බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40