ජනපති නැවත දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස ඉකුත් ඉරිදා ස්කොට්ලන්තය බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?