ජනපති ඝාතන තැතක් ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන කතාව සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් ඇති බව කියමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අදාළ ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනේනන් පිටත්ව යන සහ යළි දිවයිනට පැමිණෙන අවස්ථාවල දී ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදාළ අංශ වෙත දැනුම්දෙන විධිවිධාන හා ක්‍රියාපටිපාටි ඇතුළත් විශේෂ පණිවුඩයක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් අනවසරයෙන් පිටතට යාම පිළිබඳව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත්තේ අභ්‍යන්තර පොලිස් පණිවුඩ පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබාදුන් තැනැත්තන් පිළිබඳවත් විධිමත් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නිල සංචාරය නිමකර දිවයිනට ලඟාවීමේ දී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරන්නේ.

එලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් පහතින්..

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
2
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53