AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ආර්ථික සභාව කැඳවයි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ‘ආර්ථික සභාව’ කැඳවීමට ජනාධිපතිවරයා විසින්තීරණය කරඇති බව වාර්තා වන අතර,මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමටද නියමිතය.

ඒ අනුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් සහ රජයේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සඳහා ඍජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිද ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තින් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණයක් සිදු කිරීමට අපේක්‍ෂිතය.

එමෙන්ම ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් සඳහා දේශීය වශයෙන් ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය කිරීම, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවලට උපදෙස් ලබාදීමද ඇතුළුව මෙරට ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් ආර්ථික සභාව විසින් මගපෙන්වීම් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර ඇති බවට වාර්තා වේ.

ආර්ථික සභාවේ උපදෙස් අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව අදාළ තීන්දු ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිඵල අරමුණු කරගත් අඛණ්ඩ අධීක්‍ෂණයක් සිදුකිරීමද අපේක්‍ෂිතය.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත්ආර්ථික සභාව සඳහා සාමාජිකයන් 10දෙනෙකු පත් කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රීලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්,භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන් පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

තවද අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන් සහ එක් එක් ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණික විද්වතුන් අවශ්‍ය පරිදි ආර්ථික සභාවේ රැස්වීම් සඳහා කැඳවීමටද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වී මිල නිසා ගොවියන්ගේ රතු කට්ට පනී
03:38
Video thumbnail
නිදහස් උත්සවයේ සිංහ රුව අයින් කළේ කාගෙන් අහලද? #indipendenceday #npp #jvp
03:25
Video thumbnail
හොරා හොරා - හොරාට හූ කියන්න එපැයි
12:59
Video thumbnail
ලියුම ආවම අපි නිවසෙන් යන්න සූදානම් - නාමල් ආණ්ඩුව හාන්සි වෙන්නම දෙසයි #namal_rajapaksha
05:42
Video thumbnail
ගොවියන්ට සුබ පණිවුඩයක් - වී වලට නියම මිලක්
05:23
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49

?