ජනපති අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය අදින් අවසන්

නිමා වූ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සිදුකළ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද (13) පස්වරු 3.00ට අවසන් වනවා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අදාළ වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

එලෙස නියමිත කාලය තුළ දී වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියව පවතිනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 18 දෙනෙක් මේ වනවිට අදාළ වියදම් වාර්තා භාර දී ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඇතුළු තවත් අපේක්ෂකයින් 20 දෙනෙක් එම වියදම් වාර්තා අද (13) පස්වරු 3.00ට පෙර භාරදිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?