ජනපති අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය අදින් අවසන්

නිමා වූ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සිදුකළ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද (13) පස්වරු 3.00ට අවසන් වනවා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අදාළ වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

එලෙස නියමිත කාලය තුළ දී වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියව පවතිනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 18 දෙනෙක් මේ වනවිට අදාළ වියදම් වාර්තා භාර දී ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඇතුළු තවත් අපේක්ෂකයින් 20 දෙනෙක් එම වියදම් වාර්තා අද (13) පස්වරු 3.00ට පෙර භාරදිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38