ජනපති අනුර හෙට එක්සත් ජනපදය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා එළඹෙන බදාදා (24) එරට වේලාවෙන් පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතයි.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද ජනාධිපතිවරයා එක්වනු ඇති.

මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?